යේසුස් මෙන් මිතුරෙක් නැතිමයි //
මගෙ සැම දුක් කරදර වලට
පිහිට සොයා යන්ට

     යේසුස් මගේ සුමිතුරා
     යේසුස් මගේ ගුරුතුමා
     යේසුස් මගේ ස්වාමිතුම් හා
     මිදුම්කරුයි

යේසුස් මෙන් මිතුරෙක් නැතිමයි //
මගෙ සියළුම පැනයන් වලට
විසඳුම ලැබගන්ට

යේසුස් මෙන් මිතුරෙක් නැතිමයි //
මගෙ බිය සැක දුරු කර ගනිමින්
සහනය ලැබ ගන්ට

යේසුස් මෙන් මිතුරෙක් නැතිමයි //
මගෙ ලෙඩ දුක් දුරු කර ගනිමින්
සුවය ලබා ගන්ට

යේසුස් මෙන් මිතුරෙක් නැතිමයි //
කල පව් සැම දුරු කර ගනිමින්
මිදීම ලැබ ගන්ට