යේසුස් ක්‍රිස්තුස්ව නමදිමු අද
සර්වබලවත්කම සමරමු //
පාපයේ ජීවිතේ මා සිටියේ
මා පව් සෝදා උසුලා ගත්තේ //

ස්තුති ප්‍රශංසාව රැගෙන
ගෞරවයත් රැගෙන
නටමින් මා ස්තුති කරමි
යේසු මාව ගලවා ගත්තා //
නැවතත් මා කැලඹෙන්නේ නෑ
යේසු මාව ගලවා ගත්තා

පාපයේ ජීවිතෙන් ගලවා ගත්තා
ශාපයේ ජීවිතෙන් ගලවා ගත්තා
නැතිවූ ප්‍රේමය දී ගලවා ගත්තා
ළං කරගෙන මාව වැළඳගත්තා //

ස්තුති ප්‍රශංසාව රැගෙන..