යේසුනි ඔබ මා ලඟින් ඉන්නවා මට දැනෙනවා - //

ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ
ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ //

මම ස්වර්ගෙට නැගී ගියත් ඔබ එහි ඉන්නේ
පොලොවේ කෙලවරදිත් ඔබ හමුවන්නේ
දෙවිඳුනි මා සිත ඔබතුම විමසන්නේ
ඔබගෙන් සැඟවුනු සිතුවිලි මට නැත්තේ

ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ
ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ //

මව් කුසයෙහි තැනෙනවිටත් ඔබ මා දන්නේ
රහසින් වැඩෙනාවිට මා හඳුනන්නේ
ඔබගේ නෙත් මා ගත වෙත යොමු වෙන්නේ
බිහිවෙන්නට පෙර සැලසුම ඔබ දන්නේ

ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ
ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ //

යේසුනි ඔබ මා ලඟින් ඉන්නවා මට දැනෙනවා - //

ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ
ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ ////