යේසු සමිඳු එනවා - අපි බලා සිටින්නෙමු
     මුදවන්නට එනවා - අපි බලා සිටින්නෙමු
     වලාකුලේ එනවා - අපි බලා සිටින්නෙමු
     ගෙනයන්නට එනවා - අපි බලා සිටින්නෙමු //

     තාවකාලිකයි නවාතැන
     අප සිටිනා මේ අඳුරු ලොව
     සදාකාලිකයි නවාතැන
     දෙවිසමිඳුන් වැඩ සිටින තැන //

මෙලොවේ සිටියත් අප
මෙලොවට අයිති නොවේ
සගලොවක උරුමය ලද
දෙව්දරුවන් හිමිගේ //

     තාවකාලිකයි නවාතැන...

     යේසු සමිඳු එනවා...

ලොව තුල ඇති උරුමේ
දුදනන් පිළිගන්නේ
කුරුසිය සතුරන්ගේ
දිවියට නැත සහනේ

     තාවකාලිකයි නවාතැන...

     යේසු සමිඳු එනවා...







ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත