යේසු සමිඳාණනේ, අපේ දෙවිඳාණනේ
     ඔබයි සියල්ලටම අධිපති වූ ස්වාමිතුමා - //

මැවිල්ලෙ මුල වූ, සභාවේ හිස වූ
රජුන්ගෙ රජ වූ, දෙවිඳු ඔබයි
මළවුන් පැරදූ, සිහසුන රජවූ
පිය හද තුටු කල දෙවිඳු ඔබයි
ඔබයි සියල්ලටම අධිපති වූ ස්වාමිතුමා - //

ඔබගෙන් වෙන්වූ, කිසිවක් ලොව නැත
සැමට පළමුවෙන් සිටියෙ ඔබයි
ඇරඹුම උල්පත ඔබමයි මුල අග
සැමකල් වැජඹෙන රජිඳු ඔබයි
ඔබයි සියල්ලටම අධිපති වූ ස්වාමිතුමා - //

     යේසු සමිඳාණනේ...







ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත