යෞවන කල ගෙවනා
     සොයුරෙනි අසනු මැනා
     ඔබ මැව් හිමි තුමනා
     සිහි කරනුව තුටිනා //

සෙනෙහසිනා ඇති දැඩි කරනා
තම දෙගුරුන් හැරදා
ලොව දකිනා මායා වලිනා
චංචල වී සිටිනා
හිතවතුනේ මෙය අසනු මැනේ -
හිමි ඔබ අමතන්නේ - //

පැතුම් පතා ගෙන දරුවො ගැනා
මව් පියො කල් ගෙවනා
සිතුම් සිතා මම දනිමි කියා
දරුවන් යති නොමගා
දෙවි උතුමා එය දන්න නිසා -
මෙය අප හට දෙසුවා - //

දෙවි සමිඳා ඔබ හට දෙවනා
එම දේසෙදි සැමදා
බෝ තොසිනා දිවි ගෙවන ලෙසා
රකිනුව මෙය නිබඳා
පිය පුතුනේ මව්පිය වචනේ -
ගරු කරනුව තුටිනේ - //