යටහත් වූ රජුන් නැගිට්ටා බලෙන්
විවරවූ සොහොනක් පෙනේ සැබවින්

     හලෙලූයා! ගී දෙව් ස්තුති ප්‍රශංසා
     මරණේ බලේ බිඳ ක්‍රිස්තුස් නැගිට්ටා

මළවුන්ගෙන් නැගිට්ට යි කීවෝ දෙව්දූතුන්
මළවුන් අතරේ හිමි නොසොයන්

හලෙලූයා! ගී දෙව්...

පාතාලේ දොරටු වසලා ඇත
සමිඳු අතේ එහි යතුර ඇත

හලෙලූයා! ගී දෙව්...

එම්බා මරණය, තා කටුව කොයිද?
පාපේ බල බිඳ නැගිට්ටා නේද?

හලෙලූයා! ගී දෙව්...

පාපේ කුලිය නම් මරණය වේ
ඒ කුලිය ගෙවා ක්‍රිස්තුස් නැගිට්ටේ

හලෙලූයා! ගී දෙව්...

හෝසන්නා! හෝසන්නා! හෝසන්නාම වේ
ජයගත් රජුහට හෝසන්නාම, වේ

හලෙලූයා! ගී දෙව්...