උදයෙන් උදය මාගේ සිත
අළුත් කරයි සමිඳුන්
ඒ අළුත් සිතින්, හෝසන්නා කියා
නමදිමි සමිඳුගේ දෙපා

හෝසන්නා ///

උදයෙන් උදය මාගේ ගත
සුවපත් කරයි සමිඳුන්
ඒ සුවැති ගතින් හෝසන්නා කියා
නමදිමි සමිඳුගේ දෙපා

හෝසන්නා ///

උදයෙන් උදය මගේ ආත්මය
පුබුදු කරයි සමිඳුන්
ඒ ආත්මයෙන් හෝසන්නා කියා
නමදිමි සමිඳුගේ දෙපා

හෝසන්නා ///