තුති දී හිමි ගුණ වණමු
     පැසසුම් ගී දෙමු නොවහිම් //

දෙවිඳුන් අප සැම සුරකියි
කුළුණෙන් සෙත් සිරි සලසයි //
අපි යදින යැදුම් සියල්ල
එතුමන් ප්‍රේමයෙන් සපුරයි - //

දෙවිඳුන් අප පැණ විසඳයි
අප බිය සැක සැම දුරලයි //
දුක හෝ සැප විඳින අප
ළඟ වෙයි දෙවිතුම නිතර - //

දක්වයි අප හට දෙවිඳුන්
නිමනැති පෙම පියෙකු ලෙසින් //
කුළුණෙන් හිමි මග පෙන්වා
ගෙනයයි යහමගම නිතින් - //