ස්වාමින් වහන්සේට ස්තුති කරමු
     පිය දෙවිඳුන්ගෙ නාමයට ගෞරව දෙමු
     කඳුලැල් නෙතේ, සිඳිලා ගියේ
     දෙව් අභිමුවේ, ප්‍රීතිය ඇතේ

කඳුලැල් නෙතේ, සිඳිලා ගියේ
දෙව් අභිමුවේ, ප්‍රීතිය ඇතේ

ස්තුති ප්‍රශංසා ගායනා, අප මුවේ තවරා
හඬමින් ගිය මග ජීවිතේ, ප්‍රීතියට පෙරලා
කඳුලැල් නෙතේ, සිඳිලා ගියේ
දෙව් අභිමුවේ, ප්‍රීතිය ඇතේ

     ස්වාමින් වහන්සේට ස්තුති කරමු...

පුදුම දේ කල රජතුමන්, පවිටු අප දිවියේ
වහල් බැමි බිඳ නිදහසින්, නැවත ගෙන ආවේ
යහපත්කමින්, කරුණාගුණෙන්
පිරිපුන් රජුන්, පසසමු හදින්

     ස්වාමින් වහන්සේට ස්තුති කරමු...







ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත