සියොන් දුවණිය තිගේ
     රජුන් රුව බලන්
     පැළඳ ඔටුණු හිසේ
     සරණ ගත් දිනේ

ගන්ධරස කපුරු හා
මිහිරි සුවඳින්
ප්‍රීති තෙලින් ආලේප වී
ආසිරිලත් නොමින්

මනුෂ්‍ය පුතුන්ට වඩා
මහිමෙත් තේජසත්
ඇති ස්වාමිතුමන් වඳින්
දුවේ රජුන් රුවැත්

ඕපිර්හි රනින් සැරසි
බිසව් දකුණින් ඇත්
පෙම් කොඩිය යට සිටි
ඇතුල් ඒ කාමරේ

ජය කොන්තෙත්, සිංහාසනෙත්
සදාකල් පවති
නැඟී වඩින් මහිමයෙන්
මා පෙම්වතාණෙනි!