සියලු බලැත් දෙවිඳුනි
     ඔබ නාමේ ඔසවමි
     මේ ලෝ සම්පත් වලට වඩා
     ඔබ හට ඇළුම් වෙමි //

අහසත් පොළොවත් මැව්වේ ඔබයි
මුහුදත් ගොඩබිමත්
තුරුලිය හා ගංගා මැව්වේ ඔබයි
විහඟුන් බිඟු කැලත්
ඔබගේ රුවින් මා මවා
ප්‍රේම කලේ ඔබයි

     සියලු බලැත් දෙවිඳුනි...

සග ලෝ හැරදා මා වෙනුවෙන්
මනු ලෝ වැඩියේ ඔබයි
කුරුසියෙදී දිවි හී මා වෙනුවෙන්
පූජා වූයේ ඔබයි
මරණය පරදා උත්ථාන වූ
ජීවමාන දෙවිඳුන් ඔබයි

     සියලු බලැත් දෙවිඳුනි...








ගායනය: ශෙහාන් දේවප්‍රිය