ශුද්ධ ආත්ම දෙවිඳුනි පෙමින්
ඔබ දරුවන් වෙත වඩින්
ආශිර්වාද ගෙන දෙමින්
ගෙනයන් මග පෙන්වමින්

මග පෙන්වන් සමිඳු අතින්
පෙර ඊශ්‍රායෙල් සෙනගට මෙන්
කානාන් දේශයට රුවැත්
ගෙනයන් මග පෙන්වමින්

මේ අඳුරු වනයේ මැදින්
නිසල් දියෙන් හා රළු මූදෙන්
යන අතර සමිඳුන්
ගෙනයන් මග පෙන්වමින්

සියල්ලේදිම ස්තුති දෙමින්
ආලෝකේ දරුන් මෙන් වසමින්
ඔබ කරුණා බලයෙන්
ගෙනයන් මග පෙන්වමින්

ඔබගේ පියාපත් සෙවනේ
අග දක්වා රක්ෂා කරන්
එනතෙක් තේජස් මහිමේ
ගෙනයන් මග පෙන්වමින්

ජයෙන් දෙව්තුමා එන දින
මහත්වූ මංගල්‍යය දින
ප්‍රීතියෙන් ඇතුල්වනතෙක්
ගෙනයන් මග පෙන්වමින්