සේනාවල දෙවිඳුනි
මා හද බැතියෙන් නමදිමි
ඔබ බල මහිමේ ගුණ වයා
මා හඬ ඔසවා ගයනෙමි

     මහිමය වේවා, පැසසුම් වේවා
     පරාක්‍රමේ දෙවිඳුන්ටා
     ගෞරව වේවා, ස්තුති වේවා
     සවිබල හිමිත් වූ එල්ශඩා
     මහිමය වේවා, පැසසුම් වේවා
     සේනාවල හිමිටා
     ගෞරව වේවා, ස්තුති වේවා
     නාමේ උතුම් යෙහෝවා

ඔබේ රුදිරේ කුරුසේ වගුරා
මා ඔබහට මිලදී ගත්තා
මා වෙනුවෙන් දිවි දුන් සමිඳේ
ඔබහට ස්තුති පුදමි

     මහිමය වේවා, පැසසුම් වේවා...








ගායනය: ශෙහාන් දේවප්‍රිය