සමිඳුන් පාමුල මා සිටින විට
සහනය දේ මා හදවතට
සෝ සුසුම් වේදනා මැදින් යන විට
සමිඳුන් මා ඔසවාගෙන යයි
ජීවිත ගමන

     මහිම වේවා, ප්‍රශංසා වේවා
     පැසසුම් වේවා, දෙවින්දුන් හට //

සෙත් ආසිරි දුන් සමිඳුනි
ඔබට ගයම් පැසසුම් ගී
දොහොත් මුදුන් දී ඔබව වඳිම්
අපෙ දෙවිඳුන් ඔබම වේ

ලෙඩින් දුකින් බෝ පීඩිත වුන්ට
ඔබගේ උතුම් කරුණාව
සෑහේ ඔබේ උතුම් ප්‍රේමය
මහිමවේ යේසුස් රජුන් හට
මහිමවේ යේසුස් රජුන් හට

සමිඳුන් පාමුල...