සමිඳුන් මට විශ්වාසයි මා දිවිගමනේ
සමිඳුන් මට විශ්වාසයි හද ගී ගැයුනේ
වැසි කුණාටු නිල් අඹර අරා
මොක් මග අහුරා
සැදුනත් ඔබ විශ්වාසයි ඔබ නම් නොසැලේ

ඔබ ස්ථිර මිතුරා - හද රැඳී මිතුරා
ඔබ හදෙහි දරා - දිවි තිබෙන තුරා
වැසි කුණාටු නිල් අඹර අරා
මොක් මග අහුරා
සැදුනත් ඔබ විශ්වාසයි ඔබ නම් නොසැලේ