සමිඳුන් හට පැසසුම් පුදමු
     බාල මහළු සැවොම නමදිමු //
     සගයේ සැමත්, පොළොවේ සැමත්
     ප්‍රිය වූ දෙවිඳු නමදිමු //

නංගියේ මල්ලියේ යේසු නමදිමුසමිඳුන් හට පැසසුම් පුදමු
යේසු අපට ආදරෙයි එතුම වෙත යමු //
දරුවන් නොවලක්වා මා වෙතට එවන්නැයි
යේසු කී වදන් සිහි කරමු //

     සමිඳුන් හට පැසසුම් පුදමු...

සොයුරනේ සොයුරියේ දෙවිඳු නමදිමු
යෞවනේ මැවුම්කරුතුමන් සිහි කරමු //
දිවි මඟ ජය ගන්නයි දෙවිඳුට ප්‍රිය වෙන්නයි
දෙව් වචනයේ පවතිමු //

     සමිඳුන් හට පැසසුම් පුදමු...







ගායනය: ශෙහාන් දේවප්‍රිය