සෑම උදෑසනක ඔබගේ කරුණා ගුණය
     සෑම රාත්‍රියක ඔබගේ විශ්වාසකම
     සිහි කරමි, සිහි කරමි
     සිහි කරමි, මහිමය පුදමි

පසුකල සැම මොහොතක්, සමිඳුන් සිටියා මතකයි
පාද මගේ පැකිලෙන්නට නොදෙමින්
මා රැකගත් සැටි මතකයි
සිහි කරමි, සිහි කරමි
සිහි කරමි, මහිමය පුදමි

දිවි බර වෙහෙස මගේ, ඉසුළුවෙ සමිඳුන් පමණයි
මෘදු වදනින් අමතා මා හදවත
සුවපත් කල සැටි මතකයි
සිහි කරමි, සිහි කරමි
සිහි කරමි, මහිමය පුදමි

     සෑම උදෑසනක ඔබගේ කරුණා ගුණය...







ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත