රිදී කාසි තිහකට - ඔහු පාවා දුන්නේ
යේසුනී මගේ.. යේසුනී මගේ
කුරුසියට ගියේ - මා නිසා අනේ

රුදුරු දනන් ඔහුට ඇවිත් - පීඩා කෙරුවා
ඒ හිංසා පීඩා වලින් - මා සුව ලැබුවා
යේසුනී මගේ.. යේසුනී මගේ
කුරුසියට ගියේ - මා නිසා අනේ

කුරුසේ එදා හෙළුවා - ඒ ශ්‍රී රුධිරේ
ඒ රුධිරෙන් අප හට අද - කමාව ලැබුනේ
යේසුනී මගේ.. යේසුනී මගේ
කුරුසියට ගියේ - මා නිසා අනේ

දෑත විදා කුරුසියේ ඇණ ගසනු ලැබූවා
යේසුනි ඔබේ මරණින් අප ජීවත් වූවා
යේසුනී මගේ.. යේසුනී මගේ
කුරුසියට ගියේ - මා නිසා අනේ