රෑ තරු බබළනවා
මල් පිපිලා වාගේ
එළියෙන් නැහැවෙනවා
මල් වැහැලා වාගේ

රැව් පිළි රැව් දෙනවා
ගීත නාද වාගේ...//
බිළිඳෙකු හිනැහෙනවා
මුහුදක රැළි වාගේ

සීත සුළං එනවා
උයනක සිරි වාගේ
ගොපළුන් දුර එනවා
පැණි බඹරුන් වාගේ

බිළි‍ඳෙකු හිනැහෙනවා
පොපියන කුසුම් වගේ
තුරුලක පෙරැලෙනවා
හිම මත හිම වාගේ