පටන්ගැන්මේදී, දිව්‍ය වාක්‍යානෝ
වැඩසිටිසේක දෙවිඳුන් ලෙසිනා
සියල්ලම ඔබගේ වචනයෙන් නිමවා
සියල්ලට ඉහලින් රජකම් කරනා

ඔබ තුළ ජීවනයයි
එය අප ආලෝකයයි //
නමදින්නෙමි, නමදින්නෙමි -
යේසුනි... - //

වාක්‍යානෝ, මාංශවත් වී
අප අතරේ වාසය කලා
පියාණන්ගේ, ළයේ හිඳිනාවූ
පුත්‍රයාණන්, මහිමය දරනා

ඔබ අදහාගන්නම්
දේව පුතෙකු වන්නම් //
නමදින්නෙමි, නමදින්නෙමි -
යේසුනි... - //

ඔබ ශුද්දයි, ශුද්දයි
දෙවිඳුනි //










පද රචනය, තනු නිර්මාණය හා ගායනය:
දේව දරුවෙකු වන නිමේශ් ප්‍රනාන්දු සහ පිරිස