පසසම්, ඔබව පසසම්
මහිමය දී ඔබව පසසම් //

     පැසසුම්, සෑම ගෞරව
     ඔබටයි, දෙවිඳේ ඔබටයි //

මගපෙන්වූ ඔබෙ කරුණාවටම ස්තුති වේ
වැලඳගත් ඔබෙ දෑතටම ස්තුති වේ //

     පැසසුම්, සෑම ගෞරව...

කඳුලින් සිටියත්, මව මෙන් සැනසුවේ
කුරුසියේ ඔබ දැක්වූ ප්‍රේමෙට ස්තුති වේ //

     පැසසුම්, සෑම ගෞරව...

පීඩා, වේලේදිත් ඔබ මා සමඟයි
සැනසුම්, මා ලැබුවේ ඔබ තුල පමණයි //

     පැසසුම්, සෑම ගෞරව... x