පාපයෙන් මා සිත පිරුනේ
ලෝකයෙන් මා සිත බිඳුනේ
සැමගෙන් මා හද වෙන්වුනේ -
ස්වාමින්ගේ ප්‍රේමය දැනුනේ //

     එතුමා යේසුස්මයි
     එතුමා දෙවිඳුන්මයි
     කල්වරි කුරුසේ මා නිසා -
     සිය දිවි පිදු එතුමා //

එතුමා මා නිසා මැරුණා
කුරුසේ මා හට දිස්වුනා
ප්‍රේමයෙන් මා සිත බිඳුනා -
පාපයෙන් මා අද මිඳුනා //

මාර්ගයත් සත්‍යයත් එතුමයි
ජීවනෙත් සෙවනත් එතුමයි
ලෝකයේ දෙවිඳුත් එතුමයි -
එතුමා රජුන්ගේ රජුන්මයි //