පැතිරේ පැතිරේ සුර දූ
     ගී හඬ පැතිරේ
     ලෝ හිමි රජු හට සුර දූ
     ගී හඬ පැතිරේ

පොළොවෙහි සාමය පැතිරේවා
සත වෙත මෙත් සිත ඉතිරේවා
සැම ජාතින් සිත් එක් වේවා
සුර දූතුන් හා ගී දෙත්වා

සුර වෙස් හැරදා මනු වේසේ
ගෙනැ දිනු කුමරියකගේ පුතු සේ
මිනිසුන් හා වසනට එක සේ
වැඩ හිමි පා සදමුව සිරසේ

ඉහළ මැ පිදුමෙන් පුද ලැබුවෝ
කාලයේ අඳුරට හිරු වූවෝ
එම්මානුවෙල් අප සමි දරුවෝ
බෙත්ලෙහෙම් පුරයෙහි ලෝ දිනුවෝ

සාමයේ කුමරුව දමිටු කමේ
ඉහළ මැ පහනව මිදුම ගෙනේ
තේජස හැරදා සුසුදු පෙමේ
මී රස අම සුව ලොවට ගෙනේ