ඔහු යුදාවේ බලවත් සිංහයා
මා විලංගු බිඳ නිදහස්කර හැරියා
එතුමන් මාගේ ජයගත් බලකොටුවයි
මගෙ දුකේදි පිහිටවූ ශක්තියයි
මා යුදයේ බල කොටුවයි
යේසුස් ඊශ්‍රායෙල්හි පැතුමයි

කෙනෙකු මගින් දහසක් ගලවයිනම්
දෙදෙනෙක් මගින් ජාතින් ගලවයිනම්
තිදෙනෙක් මගින් අන්ධකාරයේ බල බිඳිමු

මෙහි සිටිනා සැමා ඔසවයි එතුමන්ගේ නාමේ
ආත්මික සටනේ ජය එතුම් නාමෙන් පවසව්
අඳුරු බල බිඳිමු වචනය වූ අප කඩුවෙන්
ආත්මික සටනේ ජය එතුම් නාමෙන් පවසව්