ඔබගේ වදන
පචතියි නිතින
අදහන්නෝ බැතින්
තොස ලබත් එයින්

රුපුන් ළං වූ විට
සවි දෙයි සිතට
සැනසුම් වදන
ගැළවුම් හසුන

ජීවිතේ කුණාටුත්
එන විට මේගත්
වදන ඔබගේ
රකියි දිව් අපගේ

ඔබගේ වදනින්
යටහත් සිත් ඇත්තන්
ලබන සතොස
කී හැක්ද කොයි ලෙස?

කුලුණු වදනින්
සැප වේ දිවිහිම්
මරණ පැයේ ඉන්
අත්වන්නේ සැනසුම්

ඒ ඔබේ වදන
සොඳසේ ඉගෙන
බැතින් හා පෙමින
ඉන්ට දුන මැන







ඔබගේ වදන පචතියි නිතින - ඒ. එස්. අමරසේකර ඉංග්‍රීසි ගීතිකාව සිංහළට පරිවර්ථන කරන ලදි.




Lord, Thy Word abideth,
And our footsteps guideth;
Who its truth believeth
Light and joy receiveth.

When our foes are near us,
Then Thy Word doth cheer us,
Word of consolation,
Message of salvation.

When the storms are o’er us,
And dark clouds before us,
Then its light directeth,
And our way protecteth.

Who can tell the pleasure,
Who recount the treasure,
By Thy Word imparted
To the simple hearted?

Word of mercy, giving
Succor to the living;
Word of life, supplying
Comfort to the dying!

O that we, discerning,
Its most holy learning,
Lord, may love and fear Thee,
Evermore be near Thee!



Words: Henry W. Baker, in Hymns Ancient and Modern, 1861.