ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්
     එක වරුවක් හෝ දවසකදී
     නිසසල මොහොතක හිමිදිරි උදයක
     ඔබ සිරුරේ උණුසුමේ වෙලී

     යේසුනි... මට ඔබ විශ්වාසයි
     ඔබ මගේ ජීවිතයයි
     හැමදාමත් එහෙමයි

     ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්
     එක වරුවක් හෝ දවසකදී

ගිනිගත් සිතිවිලි නිවෙනා තුරු මා ඔබ තුරුලේ ඉන්නම්
පවිටු මගේ සිත සේදී යන තුරු ඔබ පා නමදින්නම්
තනිවෙන්නට කිසි දිනෙක ඉඩ නොදී ඔබ පසුපස එන්නම්
දෑතින් ඔබේ අත අල්ලාගෙන මා ගීයක් මුමුනන්නම්

     ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්...

දුකින් පෙලෙන මිනිසුන් අහුරක් ගෙන ඔබ පාමුල වැටෙමි
සැනසීමක් අයැදින්නට හිත හිත මගෙ හදවත පුදමි
විශ්වාසයි මට විශ්වාසයි කිසි දින මා අත නොහරියි
ඔබ දුන් හුස්මෙන් ජීවත් වන්නට මට දිරි ලැබෙනු ඇති

     ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්...

යේසුනි... මට ඔබ විශ්වාසයි
ඔබ මගේ ජීවිතයයි
හැමදාමත් එහෙමයි //