නොදත් කමින් දිවි ගෙව්වා සමාව දෙන්න
සමාව දෙන්න යේසුනි සමාව දෙන්න
චපල කමින් දෙවි ගෙව්වා සමාව දෙන්න
සමාව දෙන්න යේසුනි සමාව

තැලුණු බිඳුනු හදවත් ඔබ සුළු කරන්නේ නෑ
යටත් සිතින් අයදිනවා සමාව දෙන්න

නොදත් කමින් දිවි ගෙව්වා...

යහපත දැන නොකර එක පාපයක්, පාපයක්
පාපයෙ කුලිය මරණය බව වටහා ගන්න //

නොදත් කමින් දිවි ගෙව්වා සමාව දෙන්න //


(යාකොබ් 4:17)