නිසල සීත රැය වුනා
ලොවම නින්දේ පසු වුනා
දූත සේනා වට වුනා
සාමේ කුමරු ඉපදුනා

බැටළු පැටව් අදරිනේ
මව් තුරුළට ගුලි වුනේ
සීත සුළඟ පැතුරුණේ
උපතේ අරුත කියවුනේ

ගොපළු හනික පිබිදුනා
දූත කැලක ගායනා
දිලිඳු ලෙසින් කන් යොමා
ගවලෙන වෙත දුව ගියා

පාපෙන් ලොව මුදනට
බිළිඳෙකු සේ මෙලොවට
වැඩිය යේසු කුමරුට
මුදනෙමි අද මගෙ හද