නිලඹර දිලෙයි - බැති මල් පිපෙයි
මුළු ලොව තුටු ගී ගයයි
තරුවක් දිලෙයි - ලොව එළි කරයි
සතුටින් මුළු ලොව පිරෙයි

බිළිඳෙක් හඬයි - මව ගී ගයයි
ප්‍රේමය ලොව පැතිරේ
සැම දණ නමා - බිළිඳුන් නමදිව්
ඒ සාමයේ කුමරුන් වගයි

ප්‍රේමයේ ගී හඬයි
ලෝ දනා තුටින් ගී ගයයි
සෑම ජාතින් පවසයි
ඒ ප්‍රේමයේ දෙවිඳුමයි
ලෝ දණන් සැම හට බෙදයි
එතුම් ප්‍රේමය ලෝ පැතිරෙයි
සැම දණ නමව් - සැම දිව් පවසව්
ඒ ප්‍රේමයේ දෙවිඳුමයි







මෙහි තාලය: ජිම් රීව්ස් ගේ "ද මෙරි ක්‍රිස්මස් පොල්කා" ගීතයේ තාලය වේ.