මම පිබිදෙන විට ඔබ මා සමඟයි
     ඔබෙ දකුණත මා උසුලයි
     ඔබගේ හස්තය මට මඟ පෙන්වයි
     ස්තූති කරම් සමිඳේ

අඳුරද, එළියද, ඔබ මා විමසනවා
ඔබගේ, පොතෙහි, මගෙ නම ලියවෙනවා //

ගමනද, යහනද, සිතුවිලි ඔබ භාරෙයි
මාගේ, පාපෙන්, මා මුදවනු සමිඳේ //

දෙව් වදනට, ප්‍රිය වූ විට, සමිඳුන් ආසිරි දේ
ඔබගේ, හස්තය, නිතිකල් මඟ පෙන්වයි //