මගේ නම කියා හඬ ගැසුවේ
     ශ්‍රාවකයෙකු වෙන්නයි
     හදේ ගිනි දැවී මා ඉද්දී
     ඔබ මා ලඟ සිටියේ...//

එන්නම් සමිඳුනි ඔබ පසු පස්සේ
ඒ ගිනිකඳ මැද්දෙන්
එන්නම් සමිඳුනි ඔබ පසු පස්සේ -
ඒ කට හඬ ඔස්සේ - //

     මගේ නම කියා හඬ ගැසුවේ...

එන්නම් සමිඳුනි ඔබ පසු පස්සේ
කුරුසියෙ මඟ ඔස්සේ
එන්නම් සමිඳුනි ඔබ පසු පස්සේ -
සියල්ල අත හැර දා - //

     මගේ නම කියා හඬ ගැසුවේ...