මගේ ජීවනයම ඔබ වේ
     ඔබ මගේ රැකවරණය වේ
     ගැලවුම් මාර්ගය සත්‍යය ඔබමයි
     සබෑවයි සමිඳේ සබෑවයි

ආවේ ජීවනයම දෙන්නයි
වැඩි වැඩියෙන් දෙන්නයි
සැමකල දිරි දෙන ඔබ බලයයි
මගෙ දිවි ඔබ නතු වෙයි
ඔබ ඇති අය වෙත ජීවනයයි
නැති අය වෙත මරණේ
නොබියව නොසැලී සිටිනට සැමකල්
කැඳවනු මගේ නම කියලා

ජලයේ මැදිනා යන කලටා
ඇත මට ඔබ පිහිටා
මැදිනා යන කල මහ ගංගා
නොගලයි මා උඩිනා
ගිනි මැද යන කල මා නොදැවේ
ගිනි දැල් නොම ඇවිලේ
ඔබ මගේ දෙවි වේ
බිය සැක නොදැනේ
තුති වේ සමිඳේ තුති වේ

සව් ලෝ සතුනට සෙත දෙන්නයි
කිතු සිත පතුරන්නයි
ජීවන ජලයෙන් නහවන්නයි
රැකවරණය දෙන්නයි
ගැලවුම් මාර්ගය සලසන්නයි
පිළිතුරු ඔබ වෙන්නයි
ම පැතුම එය වේ
ඔබ ඉටු දෙවි වේ
තුති වේ සමිඳේ තුති වේ