මගේ දෑතේ සවියෙන් නොවේ
මගෙ නුවණේ බලයෙන් නොවේ .. //
දෙවිඳුගේ ආත්මයයි මා රැගෙනයන්නේ .. //
සමිදුන් ඉදිරියේ පහනොවනා කිසිවක් නැතේ
කඳු පර්වත දියවී - යාවී සැම වේලේ
බලය නොවේ මගෙ ආත්මයයි
සේනාවල දෙවිදුන් කියයි
සවිය නොවේ මගෙ ආත්මයයි
සේනාවල රජිඳුන් කියයි
මගේ දෑතේ සවියෙන්…
දෙව් වදනයි ඔබගේ ආලෝකය වුයේ
මාළිගයයි ඔබගේ - මා දෑතේ නිමවන්නේ
බලය නොවේ මගෙ ආත්මයයි
සේනාවල දෙවිදුන් කියයි
සවිය නොවේ මගෙ ආත්මයයි
සේනාවල රජිඳුන් කියයි
මගේ දෑතේ සවියෙන්…