මගෙ උපකාරය මගෙ දිවි සරණය
ශුද්ධාත්මයාණෙනි
මා වෙත වඩිනු මැනේ
මා තුළ රැඳෙනු මැනේ //

දුබලකමින් මා මුදවාලා
ඔබෙ බලයෙන් මා පුරවාලා //
ශුද්ධාත්මයාණෙනි // මා වෙත වඩිනු මැනේ
ශුද්ධාත්මයාණෙනි // මා තුළ රැඳෙනු මැනේ

බිදුනු හද මගේ සනසාලා
තැළුනු හද මගේ සුව කරලා //
ශුද්ධාත්මයාණෙනි // මා වෙත වඩිනු මැනේ
ශුද්ධාත්මයාණෙනි // මා තුළ රැඳෙනු මැනේ