මගෙ නම කියා මට හඬ ගැසුවා
ඔබෙ සෙනෙහසින් මා දවටා
දහසක් අතරින් මා ඔබෙ වූවා
සමිඳුනි...
ඔබෙ දකුණතින් මා ඉසිලුවා
ඔබෙ පියාපතින් මට සෙවනක් වූවා
යේසුනි ඔබ මා ලඟයි කියා මට දැනුනා

     ගැලවීමේ ප්‍රීතිය එක් කලා
     නිදහසේ සුවය මට දැනුනා
     ආදරයේ සෙනෙහස මා ලැබුවා
     ඔබගෙන් සමිඳේ... //

ඔබ මගේමැයි කියා - ///
ගයමි මම සමිඳුනි
ඔබ මගේමැයි කියා - ///
ගයමි මම සමිඳුනි

     ගැලවීමේ ප්‍රීතිය එක් කලා...







~ ගායනය: දයාන් සෙනෙවිරත්න