මගෙ හදවතේ තිබෙනා හැඟුමන්
දුටුවේ ඔබයි
මගෙ හදවතේ තිබෙනා සුසුමන්
දුටුවේ ඔබයි
වේදනා අතරින් යනවිට මා අත
හැරියේ නෑ කිසිදා
මා ජීවිතේ දිවිය පුරා
ඔබ මා ලඟයි

     සමිඳුනි ආදරෙයි
     ඔබ හට මා ආදරෙයි
     ඔබගේ දෑතේ මා වෙලී
     සිටිනෙමි මා දිවිය පුරා මා
     සමිඳේ...

මගෙ හදවතින් නැගෙනා කන්නලව්
ඇසුවේ ඔබයි
මගෙ හදවතින් යදිනා යැදුම්
ඇසුවේ ඔබයි
පිලිතුරු දී මා හද සනසාලූ
දෙවිඳුන් ඔබයි
මා ජීවිතේ දිවිය පුරා
මා ආදරෙයි

     සමිඳුනි ආදරෙයි
     ඔබ හට මා ආදරෙයි
     ඔබගේ දෑතේ මා වෙලී
     සිටිනෙමි මා දිවිය පුරා මා
     සමිඳේ...

     සමිඳුනි ආදරෙයි
     ඔබ හට මා ආදරෙයි
     ඔබගේ දෑතේ මා වෙලී
     සිටිනෙමි මා දිවිය පුරා මා //
     සමිඳේ...





~ ගායනය: දයාන් සෙනෙවිරත්න