මගෙ බාල වයසේ පටන් යේසුනේ
     ඔබගේම දෑතින් මා උසුලන් පියේ
     තුරුලේ හොවා මාව සිපගත් පියේ
     රැකගන්න සැමදා ඔබේ ආදරේ //

පුංචි මලක් සේම සිටියත් මෙමා
කොවුලෙක් ලෙසින් සිංදු කීවත් මෙමා
වෑයම් කළත් ඉන්න බෝසේ හොඳින්
පාපෙන් පිරීලා ඇත මා සිතින්

මගෙ බාල වයසේ පටන්...

යේසුස් තමයි ආවෙ දෙවිඳුන් වෙතින්
තම ජීවිතේ පූජා කළෙ ආදරෙන්
පාපෙන් මුදා මාව නිදහස් කළෙන්
වඳිනෙම් මෙමා සෑම දින ප්‍රීතියෙන්

මගෙ බාල වයසේ පටන්...