අඳුරේදී ඔබ මා පහන වේ
ඔබ මාගේ ආලෝකේ
විපතෙදී ඔබ මා ලඟම වේ
රැකවරණය ඔබ වේ

     මගෙ ආත්මය හිමි පසසනු
     මා තුළ ඇති සැමා
     හිමි උපකාර සිහි නැති නොකරනු
     මට දුන් ගැලවීමා //

හිමි මාගේ සවියයි ශක්තියයි
මට දයා වී මා ඔසවයි
අයුතුකම් කමා කරයි
රෝග සුව කරයි

     මගෙ ආත්මය හිමි පසසනු x 1

දිවි මාගේ රකිමින් මා මුදයි
ප්‍රේමයෙන් මා ගැන සලකයි
වරද මාගෙන් දුරු කරයි
සදාකල් සුරකි

     මගෙ ආත්මය හිමි පසසනු x 2
     මට දුන් ගැලවීමා...








ගායනය: ශෙහාන් දේවප්‍රිය