මොන පුදුම පුදුමයක්ද?
මා නිසා කුරුසේ මළේ
වැගුරුවේ ඒ අනගි ලේ
පව්කාර මා මුදන්ටද?

     මා නිසයි ඇණ ගැසුවේ //
     කුරුසේ ඇනුම්කා හිමි මළේ
     මා නිසයි ඇණ ගැසුවේ

අත්හැරියා සම්පත සගේ
පියාගේ කැමැත්තයි කළේ
කන්නියාවකු ගෙන් උපන්නා
මිනිස් ශරීරයක් ගත්තා

තුවාල වුනා පාපෙ නිසා
දුක් කුරුසියේ දැරුවා
සැම රෝගත් උසුලා ගත්තා
මේ ලොව හිමි වැඩලා

දුන්නා ජීවිතේ අනුන් නිසා
මේ ලොව පාපෙන් මුදන්ටා
ගියා සූදානම් කරන්නටා
මාලිගාවක් මට යන්නටා