මා නිසා ඔබ නිසා
     කල්වරි කුරුසේ දිවි පුදා
     මරණින් ජය ලබා
     ජීවත් වෙයි යේසුස් තුමා //

ඔබ මගේ සැම පව් නිසා
වින්ද වේදනා //
පාපයෙන් තොර දමිටු අනගි
ලෙයක් වැගිරුණා //

පිළිගමු එතුමන් කෙරේ
ගැලවුමක් තිබේ //
පව් කමාව රෝග සුවය
ඔබට ඉන් ලැබේ //

තැළුණු බිඳුණු සිත ඔබේ
දෙව්තුම් කරයි අගේ //
එතුම් වෙත ඔබ ළං කරන්න
යේසුස් මාර්ගය වුනේ //