මා හිමිගේ තෙජ බල මහිමේ
ජනිත විය මගේ හද පතුලේ
විශ්මය දෙන විශ්මය හමුවේ
නැත එතුම බලේ කිසිදිනේ බිඳුනේ

     හා හාලේලූයා වේවා ප්‍රශංසා
     මා මුවෙනා මගේ හිමිටා
     ආනන්දනීය වූ යේසුස් නාමයට
     දෙම් ප්‍රශංසා දිවි තිබෙන තුරා

තේජසේ රන් කිරුල දැරූ
ප්‍රීතිය දේ ජය හඬ පැතුරූ
ප්‍රාතිහාර්යයන් පෑ අයුරු
මුළු ලොවම වඳී ඔබේ නමට ගරු

සගයේ අධිපති පියතුමෙනි
මටැති දේ මම ඔබට දෙමි
ත්‍රී එක දෙව් සරණය පතමි
ඔබ පූජනීය බව මම දනිමි