මා ගයමින් ප්‍රීති වෙමි
     යේසු සමිඳුට ස්තුති පුදමි
     මගේ ජීවන කාලේ සදා
     සමිඳුගේ පාමුලට පුදා //

සයුරකි මා දුක ලතවන මොහොතක
ඔරුවකි මට සමිඳුන් //
අඳුරු වෙලේ හිරු එතුමයි
ආලෝකය සමිඳුයි //

පාපයේ රෝගෙක ලතෙවෙන මොහොතක
වෙද මගතෙකි සමිඳුන් //
සාගතයෙන් වැටෙන වෙලේ
මන්නාවෙන් මා සනසයි //

තනිවන මොහොතක රැකවල් දෙන්නට
සමිඳුන් මා සමඟයි //
වාරු නොවී පය යද්දී
සමිඳුන් මා සුරකියි //

සමිඳුන් මා ලඟ වෙසෙනා මොහොතක
මට බය නැත කිසිදා //
රැකවරනේ සමිඳු අතේ
රුව මගේ පණ එතුමයි //