මා දිවි තිබෙන තුරා, ඔබ නමදින්නම්
     මා පවතින තුරා, ඔබව සොයන්නම්
     මා සිතේ ආශාව, ඔබ දැක ගන්නයි
     දෙවිඳේ මගේ දෙවිඳේ - //

මගේ මුව කියයි, ඔබ සමිඳුන් කියා
මගේ දෑස් යොමයි, ඔබ දෙස බලන්නටා
මගේ හදවත නැගේ, ඔබ ප්‍රේමයයි කියා
දෙවිඳේ මගේ දෙවිඳේ - //

     මා දිවි තිබෙන තුරා...

ඔබේ පා සොයා, මා දිව එන්නෙමි
මගේ දෙව් නිසා, ඔබ නමදින්නෙමි
ඔබ ළඟ නිසා, මා සැනසෙන්නෙමි
දෙවිඳේ මගේ දෙවිඳේ

     මා දිවි තිබෙන තුරා






~ දෙවන පරිච්ඡෙදය වෙනස් ආකාරයකින් ~

ඔබේ පා සොයා, මා දිව එන්නෙමි
ඔබ මගෙ නිසා, ඔබ නමදින්නෙමි
ඔබ මා ළඟ නිසා, මා සැනසෙන්නෙමි
දෙවිඳේ මගේ දෙවිඳේ