මා බලවත් කරනා මගෙ සමිඳුන් තුළ
මා සවිමත් කරනා මගෙ සමිඳුන් තුළ
සියල්ල හැකිවේ මට සියල්ල හැකිවේ
දෙවිඳුනි මට සියල්ල හැකිවේ
යේසුනි මට සියල්ල හැකිවේ

මට ඇතිවිටදිත් නැතිවිටදිත්
ඔබව සොයන්නම්
සෑම කාරණාවලදී ඔබ වෙත එන්නම් //
ඔබව සොයන්නම් දෙවිඳේ
ඔබ වෙත එන්නම් //

මගෙ ශරීරයෙන් ඔබ හට මා
ගෞරව දෙන්නම්
මගෙ ක්‍රියාවලින් දෙවිඳේ ඔබව
සතුටු කරන්නම් //
ගෞරව දෙන්නම් ඔබව සතුටු කරන්නම් //