මැවුම්කාර දෙවිතුම මට
     ප්‍රේම කල නිසා
     මිනිස් වෙසින් වැඩියා මේ
     ලොවට මා නිසා

පව්කරුවන් ගලවන්නට
පාපෙන් ශාපෙන්
දෙවිතුම බිහි වුනා ලොවට
යේසුස් නාමෙන්
ලොවට යේසුස් නාමෙන්

මිනිසෙකු ලෙස යහපත කොට
යෞවන වයසේ
නිහඬ මුවුනි දරා ගත්තේ
ඒ රුදු කුරුසේ
ගත්තේ ඒ රුදු කුරුසේ

කිරුසිය මත ඇණ ගැසුමෙන්
කල්වරි කන්දේ
යේසුස් සමිඳු අප හින්දයි
මරණය වින්දේ
ඒ මරණය වින්දේ

මරණ බලය පරදවින්
ඉන් ජයගත්තු
ප්‍රථම ඵලය වුණා ස්වාමි
යේසුස් ක්‍රිස්තුස්
ස්වාමි යේසුස් ක්‍රිස්තුස්

සගපුර දෙව් සිංහාසනේ
දකුණු පස සිට
මැදහත්කම් කරනවා අද
යේසු අපහට
සමිඳු යේසු අපහට

කිතු පරපුර බිහි කරන්ට
මෙලොව මුළුල්ලේ
අත්වැල් බැඳ එක්සත් වෙමු
සමිඳු තුරුල්ලේ
කිතු සමිඳු තුරුල්ලේ