ලෙයින් ඔබේ
මේ මන්දිරය පිවිතුරු වේ
ලෙයින් ඔබේ
රජ වෙම් පූජකයෙකු වෙම්
මා පාපය ඉවත හෙලූවේ
උදාගිර දුරසේ අවර ගිරින්

ලෙයින් ඔබේ
මා මිදී සිටිමි ලෙයින් ඔබේ
මා ප්‍රීතිය නැවත ලැබී
අති ශුද්ධවූ තැන්හිදි ඔබ නමදිමි
මා යේසුස් ස්වාමිනි
ඕ… ශුද්ධ ස්වාමිනී

යේසුස්.. නිමල නිදොස් සමිදුන්
ඔබ මා පවිත්‍ර කළේ
ඔබේ දමිටු කමේ සිටිම් මෙමා