කුරුසේ නැග අත් විහිදා
     මුළු ලෝ තුරුලට වඩලා
     සිටිනා දෙවි පුත් රදුණේ
     ඔබෙ පා සිඹිමින් වඳිමු

සිරසේ කිරුළේ මිණි සේ
බැබළේ බිඳු වැල් සිරි ලේ
කුරුසේ සිටිනා දෙවිඳේ
ඔබෙ පා සිඹිමින් වඳිමූ

ඔබ හා කුරුසේ නැගිලා
ඔබෙ දෑසින් ලොව බලලා
ඔබ සේ කරුණා පාලා
කුරුසේ හිඳිනා සමිඳේ

හිඳිනා ලෙස මා කැඳවා
කල්වාරිය මත නංවා
ඔබ හා මා හා සිටිමු
කුරුසේ හිඳිනා සමිඳේ