කඳු දෙසට මගේ ඇස් ඔසවන්නෙමි
     මට උපකාර කොයින්දෝ
     අහස පොළොව මැවූ දෙවිඳුන්ගෙන් මිස
     මට උපකාර කොයින්දෝ //

ඒ දෙවිඳුන් ඔබෙ පය නෑ
සෙලවෙන්න දෙන්නේ
ඔබ සුරකින ඒ දෙවිඳුන්
නෑ නිදියන්නේ //
ඊශ්‍රායෙල් සුරකින ඒ දෙවිඳුට
නිදිබරවීමක් නිදිගැන්මක්
නෑ ඇතිවෙන්නේ

කඳු දෙසට මගේ...

ඔබ රකිනා දෙන සෙවනා
දෙව් හස්තය වන්නේ
දවාල ඉරවත් රෑ සඳවත්
පහර නොදෙන්නේ //
ඒ දෙවිඳුන් ඔබ සුරකින්නා
ප්‍රාණය ඔබෙ රැකදෙන්නා
යාමේදිත් ඊමේදිත්
ඔබ රැකගන්නා

කඳු දෙසට මගේ...