කල්වාරි කුරුසේ හිමි සිරුර තිබුනේ
     මා පව් නිසා ඇණ ගසාලා
     ඔබ පව් නිසා ඇණ ගසාලා //

බර කුරුසේ උසුලා
ගොල්ගොතට නැගලා
කිතු තුමම ලොව පාපේ දැරුවා //
කුරුසියේදී අප පවට මැරුනා - //

     කල්වාරි කුරුසේ හිමි සිරුර තිබුනේ x 1

කසපහර ලබලා
කටු ඔටුනු පලඳා
දුක දැරුවේ ඔබේ පාපෙ හින්දා //
හිමි දැරුවේ කුරුසියේදි නින්දා
මා හිමි දැරුවේ කුරුසියේදි නින්දා

     කල්වාරි කුරුසේ හිමි සිරුර තිබුනේ x 1

හිමි සිරුර තුළිනා
රුධිරය ගැලූවා
මිනිසුනි ඔබේ පාප හින්දා //
කල්වාරියේ දිවි පිදූදා - //

     කල්වාරි කුරුසේ හිමි සිරුර තිබුනේ x 1

දිවි පිදුව සමිඳුන්
දින තුනට පසුවෙන්
නැගිටියලු මරු බලය පරදා //
මනු දමට ජීවනය සලසා - //

     කල්වාරි කුරුසේ හිමි සිරුර තිබුනේ x 1

ඒ දිව්‍ය ප්‍රේමේ
අද ඔබට සෙනෙහෙන්
අමතනු ඇසේදෝ සියුම් සේ //
මාගේ පුතේ දියණියනි සේ - //

     කල්වාරි කුරුසේ හිමි සිරුර තිබුනේ x 2